මට මතකයි ඉස්සර 2 පන්තියෙදි ඔයා ලස්සනට අර සින්දුව කියනවා "හිරු පාය නැගී බැස යනවා" ... පන්තියෙදී ඔයා හරිම දඟ කාරයි, මට මතකයි ඉස්සර ඔයා මට විහිලු කරලා මාව අඬවනවා... එහෙම අඬද්දි පස්සෙ ඔයාටම දුකයි... ඊට පස්සෙ මාව හිනස්සනවා, සමහර වෙලාවට මට තරහ ගියහම මන් සපත්තුව ගලෝල ගන්නවා ඔයාට ගහන්න, ඒත් ඒ බොරුවට, ඔයා මගේ සපත්තුව උදුරගෙන දුවගෙන ගිහින් ඒකෙන් සෙල්ලන් කරනවා, මම අඬන්න ගත්තහම ඒ සපත්තුව මගෙ කකුලටම ගෙනෙත් දානවා, වම් අතින් ඔයා ලියන්නෙ, ලස්සනට රජ ඉබ්බන්ගෙ රූප අඳිනවා, ඔයා කොච්හර කට කාරද කියනව නන් දවසක් මුලු පන්තියම ඉස්සරහ මගෙ අත් දෙකින් අල්ලගෙන මාව බඳිනවද ඇහුවා... එදා මට දැනුන ලැජ්ජාව... ඉස්ස්කෝලෙදි කොච්චර කටකාර උනත්, ඔයාලගෙ කඩේට බඩු ගන්න ගියහම නන් ඔයා මී පැටියෙක් වගේ... කිසි කතාවක් නෑ... කාලය ඔහොම ගෙවිලා ගියා... අපි ටික ටික ලොකු උනා, 5 වසරෙ ෂිශ්යත්වෙන් මම පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා, ඔයාට එක ලකුනක් මදි වෙලා, මට කොච්හර දුක හිතුනද?,,, අලුත් ඉස්කෝලෙට යද්දි උදේට වෑන් එක එනකන් මම ඉන්නෙ ඔයාලගෙ කඩේ ලඟ, කඩේට උඩ තට්ටුවෙ ඔයාගෙ ගෙදර, උදේ පාන්දර මම ඇවිත් ඔයාලගෙ මල් ගහෙන් මල් කඩනවා ඉස්කෝලෙ ගෙනියන්න, ඒ වෙලාවට ඔයත් එනවා මල් කඩන්න, අපි වචනයක් වත් කතා නොකර දවස් කීයක් මල් කැඩුවද...! මම එන්න පරක්කු උනොත් ඔයා මට මල් බාගයක් ඉතුරු කරලා වතුසුද්දි මල් ගහේ, ඒත් එක දවසක් මම එතන ඉන්නකොට ඔයාල ඔක්කොම බඩු බෑග් අරගෙන ගියා, එදායින් පස්සෙ මම ඔයාව දක්කෙම නෑ, ඔයා කොහේ හරි ඉන්නව ඇති, මමත් දැන් ගොඩක් දුරක හිටියට, මට තාමත් ඔයාව මතකයි, චාමර