RSS

Saturday, April 24, 2010

නොදැනීම පැය 12 ක් ගෙවිලා


ට්‍රිප් එකක් ගියා වගෙයි, සින්ඩු එහුව, පොස්ට් ලියුවා, හිනා උනා, පොඩි වලියක් වගෙ එකකුත් දා ගත්තා...
දන්නෙම නැතුව පැය 12 ක් ගෙවිලා ගිහින්, අම්මලත් ගෙදර ආවා, ඒගොල්ලො නිදි, මම හෙමින් ටයිප් කරන්නෙ ඇහෙන්නෙ නැති වෙන්න, මේ ගෙවී යන්නෙ අවසන් අඩ හෝරාවයි.... ඉතින් සහබාගී උන හැමෝටම සුබ පැතුම්...

මට මතකයි

මට මතකයි ඉස්සර 2 පන්තියෙදි ඔයා ලස්සනට අර සින්දුව කියනවා "හිරු පාය නැගී බැස යනවා" ... පන්තියෙදී ඔයා හරිම දඟ කාරයි, මට මතකයි ඉස්සර ඔයා මට විහිලු කරලා මාව අඬවනවා... එහෙම අඬද්දි පස්සෙ ඔයාටම දුකයි... ඊට පස්සෙ මාව හිනස්සනවා, සමහර වෙලාවට මට තරහ ගියහම මන් සපත්තුව ගලෝල ගන්නවා ඔයාට ගහන්න, ඒත් ඒ බොරුවට, ඔයා මගේ සපත්තුව උදුරගෙන දුවගෙන ගිහින් ඒකෙන් සෙල්ලන් කරනවා, මම අඬන්න ගත්තහම ඒ සපත්තුව මගෙ කකුලටම ගෙනෙත් දානවා, වම් අතින් ඔයා ලියන්නෙ, ලස්සනට රජ ඉබ්බන්ගෙ රූප අඳිනවා, ඔයා කොච්හර කට කාරද කියනව නන් දවසක් මුලු පන්තියම ඉස්සරහ මගෙ අත් දෙකින් අල්ලගෙන මාව බඳිනවද ඇහුවා... එදා මට දැනුන ලැජ්ජාව... ඉස්ස්කෝලෙදි කොච්චර කටකාර උනත්, ඔයාලගෙ කඩේට බඩු ගන්න ගියහම නන් ඔයා මී පැටියෙක් වගේ... කිසි කතාවක් නෑ... කාලය ඔහොම ගෙවිලා ගියා... අපි ටික ටික ලොකු උනා, 5 වසරෙ ෂිශ්යත්වෙන් මම පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා, ඔයාට එක ලකුනක් මදි වෙලා, මට කොච්හර දුක හිතුනද?,,, අලුත් ඉස්කෝලෙට යද්දි උදේට වෑන් එක එනකන් මම ඉන්නෙ ඔයාලගෙ කඩේ ලඟ, කඩේට උඩ තට්ටුවෙ ඔයාගෙ ගෙදර, උදේ පාන්දර මම ඇවිත් ඔයාලගෙ මල් ගහෙන් මල් කඩනවා ඉස්කෝලෙ ගෙනියන්න, ඒ වෙලාවට ඔයත් එනවා මල් කඩන්න, අපි වචනයක් වත් කතා නොකර දවස් කීයක් මල් කැඩුවද...! මම එන්න පරක්කු උනොත් ඔයා මට මල් බාගයක් ඉතුරු කරලා වතුසුද්දි මල් ගහේ, ඒත් එක දවසක් මම එතන ඉන්නකොට ඔයාල ඔක්කොම බඩු බෑග් අරගෙන ගියා, එදායින් පස්සෙ මම ඔයාව දක්කෙම නෑ, ඔයා කොහේ හරි ඉන්නව ඇති, මමත් දැන් ගොඩක් දුරක හිටියට, මට තාමත් ඔයාව මතකයි, චාමර

පූසී ටීච

ඉස්සර අපිට සරඹ කරන්න හිටියෙ ගොඩක් තරුන ටීච කෙනෙක්, අපි එයාට කිවුවෙ පූසී ටීච කියලා, ඉතින් මෙයා අපිට කවදාවත් සරඹ කරන්න පිට්ටනියට යන්න දෙන්නෙ නෑ... ඉතින් දවසක් අපි 4 වසරෙ ඉද්දි ටීච නැති නිසා පිට්ටනියට බහැලා සරඹ කරන්න ගත්තා... මෙන්න ටීච ඇවිත් අපිව දැකලා පුශ්පය පැනලා... පස්සෙ අපි කට්ටියටම වේවලක් අරගෙන ගැහුවා... අපේ පන්තියෙ හිටියා ටිකක් දුර්වල ලමයෙක්, මෙයාට ටිකක් ඔරොත්තු දුන්නා මදි, හුස්ම ගන්න අමාරු වෙලා අඬන්න ගත්තා... ලමයින්ට හරිම කේන්තී මේ ටීච එක්ක, මමයි අපේ පන්තියෙ හිටිය චාමරයි මේ ලමයව එක්කගෙන ගියා ප්‍රින්සිපල් ගාවට ගිහින් සේරම විස්තරේ කිවුවා... ප්‍රින්සිපල්ට පුශ්පය පන්නා ටීච එක්ක, මොකද මේ ටීච උගන්නන වෙලාවට හැටේ යනව මිසක් උගන්නන්නෙ නෑ කියල, එදායින් පස්සෙ ටීච ඉස්කෝලෙ ආවේ නෑ...

රාත්‍රිය....

ග්‍රීස්ම කාලෙ දැනෙන රස්නෙ කියාගන්න බැහැ... සෙල්සියස් අංශක 40 පනිනවා... රෑට නින්ද යන්නෙ නැති උනහම ජනේලෙ ඇරලා ඒකේ උඩ වාඩි වෙලා සිසිල් බීම බිබි, ඔහේ කල්පනා කරනවා... ලයිට් එක දාන බැහැ මල්ලි නැගිටින නිසා.. ඉතින් ජංගම දුරකතනයෙ ආලෝකෙන් පොතක් කියවන්න ගන්නවා... එහෙම නැත්නන් කවියක් ලියනව, ඒ වගේ දවස් කීයක් ගෙවුනද... කොච්චර වදයක් උනත් මං ආසයි ග්‍රීස්මෙට...

මම බලන් ඉන්නවා මේ පාරත්...
ඉක්මනට එන්න....

කවුලු පියන්පත්

මම කසුන් කල්හාරට ගොඩාක ආසයි... ඒ සින්දු හැම එකක්ම අතරින් "කවුලු පියන්පත්" කියන සින්දුවට ගොඩාක් ආසයි... මට හිතෙනවවා ඒ සින්දුව perfect සින්දුවක් කියලා... මොකද වචන, තනුව, සංගීතය, හඬ මේ හැම දේම එක වගේම ලස්සනයි... එකට එකතුවෙලා බොහොම අපූරු නිර්මානයක් මවලා, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... කසුන් අයියට මගේ ආචාරය...

ෆිල්ම් එකක්

මල්ලි මමයි දැන් පැයක් තිස්සෙ ෆිල්ම් එකක් තෝරනවා... ෆිල්ම් ගාන වැඩි උනහම ඕක තමයි වදේ... අන්තිමට අපි දෙන්න තීරනය කල දැන් ෆිල්ම් නොබලන්න... මොකද හැම බලන බලන එකේම මොකක් හරි අඩුපාඩුවක් පේනවා

සඳ ගමන ඇත්තක්ද?

සඳ මත පා තැබුවා කියන කතාව බොරුවක් කියලයි මට නම් හිතෙන්නෙ, මොකද ඒ දවස්වල ඒතරම් දියුනු තාක්ශනයක් නෙමේයිනෙ තිබුනෙ, අනික හරි හමන් ශාක්ෂිත් නැහැ නේද නීල් ආම්ස්ට්‍රෝන් ඇතුලු පිරිස සඳ මතා පා තැබුවා කියලා?

හෙට මැරෙනවා නම්

හෙට මම මැරෙනවා නම් අනිවාර්යයෙන්ම මම ලොකු පාටි එකක් ලෑස්ති කරනවා
ඊට පස්සෙ හයියෙන් සින්දු දාගෙන නටනවා... ඊට පස්සෙ පන්සල් යනවා...
ඊටත් පස්සෙ ආදරේ කරන කෙනා එක්ක ඉන්නවා...
ඊටත් පස්සෙ ම්ම්ම්ම්ම්ම්ම්ම්

අවුරුදුත් ඉවරයි... ඊලඟට වෙසක්

අවුරුදු ඉවර උනා නේද? අපිට නම් තිබ්බත් නැතත් ගානක් නෑ... ඒ තරන් දුරයි වගෙ... හැම දේම බොඳ වෙලා... අතරින් පතර මතකයන් වද දෙනවා... එති ඒවා සතුටු දවස්... ඒ වගෙයි හැඟෙන්නෙ... වෙසක් කාලෙට දන්සැල්... හැම මාසෙකම මොකක් හරි විශේශයක් තියෙනව... ඒක එනකන් බලන් හිටියහැකි... හැම දවසක්ම හරිම අලුත්... අපි දුක කියල හිතන් ඉඳලා තියෙන්නෙ සැපට... මාරු වෙලා ඒ දෙක...

හේතුවක් නැතුව කඳුලු

ග්‍රහලෝකාගාරයය ගියහම, ග්‍රීස්ම කාලෙ පැහැදිලි තරු පොකුරු පොකුරු විසිරුන අහසක් දකින හැම වෙලාවකම මටත් නොදැනීම කඳුලු කඩන්වැටෙනවා, හේතුව නන් දන්නෙම නෑ... ඒක අදත් උනා... අද හබල් දූර දක්ශයෙ උපන්දිනේ නිසා ගුගල් එකේ හෝම් පේජ් එකේම හබල් එකෙන් ලබා ගත්ත ලස්සන පින්තූර zoom කර කර බැලුවා... හරිම අපූරු අත්දැකීමක්

ලැජ්ජ කරන්නෙපා

මම ඉන්න රටේ ඇත්තමයි දැන් පාරේ බැහැල යන්න බැහැ... මේ අන්තිම සති දෙකට අපේ රටේ කට්ටිය මිනී මරාගෙන 6 දෙනෙක් මැරුනා... ඔක්කොම පිහි ඇනුන්... ලැජ්ජාවෙ බෑ මොන රටේද ඇහුවහම උත්තර දෙන්න...
කරුනාකරලා වෙන රටකට ගියහමවත් හොඳට හැසිරෙන්න පුරුදුවෙයල්ලා...

මම ලඟදි කියවපු පොතක්

මේ පොත ගැන නන් කියන්න වචන නෑ... හැබැයි මේක ඇත්තම කතාවක්...
නම "අසුර භවන" පුලුවන් කෙනෙක් හොයාගෙන කියවන්න.... පුදුම ලස්සනයි... ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේක කියෙවුවායින්... ස්කෑන් කරලා ඊ බුක් එකක් කෙරුවහැකි මට ම්ම්ම්ම් නමුත් ඒක නීත්යානුකූලද කියලා දන්නෙ නෑ... බලමු ම්ම්ම්ම්ම්

ගෙදර ඉද්දි කරන වැඩ




අපි ගෙදර ඉද්දි එක එක සෙල්ලන් කරනවනෙ... මමයි මල්ලියී ෆිල්ම් වලට අධිකවම ඇබ්බැහි උන දෙන්නෙක් කොච්හරද කියනව නන් දවසකට අඩුම ගානෙ ෆිල්ම් එකක් වත් බලනවා... ඉතින් අපි ඊට පස්සෙ කරන්නෙ එක එක ෆිල්ම් වල කොටස් වල දෙබස් කියල හෝ, අවස්තාවක් රඟපාලා පෙන්නනව, අනිත් කෙනා අඳුනගන්න ඕන ෆිල්ම් එක මොකද්ද.... මොන අවස්තාවේ උන සීන් එකක්ද කියලා.... මමයි මල්ලී නන් බොහොම තෘප්තිමත් වෙනවා මේ සෙල්ලම කරලා.... ම්ම්ම්ම්ම් අනිත් අයත් ගෙවල්වල මේ වගේ සෙල්ලන් කරනවද දන්නෙ නෑ....

ආදරය සහ වෙරය

මෙහෙ මෙහෙම කීයමනක් තියෙනවා
chi semina il vento raccoglie tempesta... කී සෙමිනා ඉල් වෙන්තො රක්කෝල්යෙ ටෙම්පේස්තා
හුලන් වැපුරුවොත් කලොත් සුලිසුලන් පලදාවට ලැබෙයි

ආදරය වපුරපල්ලා... එවිට ආදරයක්ම නෙලා ගන්නට හැකි වේවී
වෙරය වැපුරුවොත් ... නෙලාගන්නට හැකිවන්නෙ මරනයත් බියත් ලේ ගංගාත් පමනි

ඔබ වපුරන්නේ කුමක්ද කියා ඔබට බාරයි...

ලස්සන වෙන්න නම්

ගොඩක් දෙනා මැසවිලි නගනව අනේ කොව්චරවත් මූනෙ පැල්ලන්, කුරුලෑ වගේ දේවල් එනවා මොනවා කලත් වැඩක් නෑ කියලා.... ඒත් මම මගේ අත්දැකීමෙන් ඉගෙනගත්ත දේවල් තියෙනවා.... මේ වගේ දේවල් මුහුනෙ ඇති වෙන්නෙ විශේෂයෙන්ම අපිරිසිදු කම නිසයි...

මුලින්ම තේරුන් ගන්න ඕන තමන්ගෙ හම මොනවගේ හමක්ද කියලා...

  • වියලි
  • තෙල්
  • මිශ්‍ර

ඒ ඒ අනුව ඒවාට පිලියම් කරන්න ඕන....
තෙල් සහිත හමක් තියෙනව නම් දිනකට 4 /5 වරක් වත් මූන පිරිසිදු කර ගන්න ඕන...
අනිවාර්යයෙන්ම උදැනසත්... නින්දට යෑමට පෙරත් මුහුන ක්ලෙන්සර් එකකින් පිරිසිදු කරගන්න...
සතියක වතාවක් ස්ක්‍රබ් එකක් කරගන්න... මේවා තනිවම ගෙදරදීම කරන්න පුලුවන් දේවල්...
අනික ගැහැනු පිරිමි කියල වෙනසකි නෑ ලස්සන වෙන්න... අනිත් දෙය අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් වැලකෙන්නත් ඕන... මාසයක් විතර මෙහෙම කරල බලන්නකො ප්‍රතිපල ඔබටම පෙනෙයි...

ගිනි කන්දක් කල හදියක්

ඔයාලා දන්නවනෙ අයිස්ලන්තෙ ගිනි කන්දක් පුපුරල පහුගිය ටිකේ හරි ජර මර ගොඩයි.... අපි බයෙන් හිටියෙ අපිටත් අප්සට වෙයිද කියලා... මොකද අවුරුදු ගානකට කලින් ඉන්දුනේසියාවෙ උන මේ වගේ සිදුවීමක් නිසා අවුරුදු දෙකක ග්‍රීස්මා කාලය ආවෙ නැහැයි කියලා පුවත්වලින් අහන්න ලැබුනා... මාස ගානක් තිස්සෙ බලාපොරොත්තුවෙන් ඉන්න වසන්තෙයි ග්‍රීස්ම කාලෙයි එන්නෙ නැතිවෙයි කියල මම නම් හරිම බයෙන් හිටියෙ... අද නං අහස ටිකක් නිල් පටට තියෙනවා... ලාවට අවුවකුත් වැටිලා.... මට නම් සතුටුයි.... :)

මමත් ආවා....

ඔන්න දෙයියනේ කියලා මමත් එකතු උනා.... මේ මගේ පලවෙනි මැරතන් දිවිල්ල.... ඉතින් අනිත් සහෝදර සහෝදරියන් එක්ක සුහදව මේ මැරතන් එකට සහබාගී වෙන්න ප්‍රාර්තනා කරනව.... සුබ පැතුම්