Saturday, April 24, 2010
පූසී ටීච
ඉස්සර අපිට සරඹ කරන්න හිටියෙ ගොඩක් තරුන ටීච කෙනෙක්, අපි එයාට කිවුවෙ පූසී ටීච කියලා, ඉතින් මෙයා අපිට කවදාවත් සරඹ කරන්න පිට්ටනියට යන්න දෙන්නෙ නෑ... ඉතින් දවසක් අපි 4 වසරෙ ඉද්දි ටීච නැති නිසා පිට්ටනියට බහැලා සරඹ කරන්න ගත්තා... මෙන්න ටීච ඇවිත් අපිව දැකලා පුශ්පය පැනලා... පස්සෙ අපි කට්ටියටම වේවලක් අරගෙන ගැහුවා... අපේ පන්තියෙ හිටියා ටිකක් දුර්වල ලමයෙක්, මෙයාට ටිකක් ඔරොත්තු දුන්නා මදි, හුස්ම ගන්න අමාරු වෙලා අඬන්න ගත්තා... ලමයින්ට හරිම කේන්තී මේ ටීච එක්ක, මමයි අපේ පන්තියෙ හිටිය චාමරයි මේ ලමයව එක්කගෙන ගියා ප්රින්සිපල් ගාවට ගිහින් සේරම විස්තරේ කිවුවා... ප්රින්සිපල්ට පුශ්පය පන්නා ටීච එක්ක, මොකද මේ ටීච උගන්නන වෙලාවට හැටේ යනව මිසක් උගන්නන්නෙ නෑ කියල, එදායින් පස්සෙ ටීච ඉස්කෝලෙ ආවේ නෑ...
3 comments:
මෙන්න වතුර පාරක්, මධු
හපොයි.. අහිංසක ටීචගෙ ජොබ් එකට කෙලියා නේද :p
inquiryයක් යැවුවා නම් කවදාවත් ආපහු එන එකක් නෑ.. ;)
Post a Comment